top of page

ලංකාව, කාන්තාව සහ ඇගේ අනාගතය

Updated: Dec 1, 2022

ලංකාව යනු ලෝකයේ ප්‍රථම වතාවට අගමැතිතුමියක් රටේ රාජ්‍ය නායකත්වයට පත් කරගත් රටකි. ලෝකය කාන්තා අයිතිවාසිකම් ගැන කථා කරන්නටත් පෙර ඒ ගැන ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමට ලංකාව සමත් විය. මෙවන් දේශයක ස්ත්‍රී පුරුෂ සමාජ බව මත සේවා නියුක්තිය කවර මට්ටමක පවතී ද?


Getting to Work: Unlocking Women’s Potential in Sri Lanka’s Labor Force නැමැති වාර්තාවට අනුව ලංකාවේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය කාන්තාවන් රැකියා සඳහා සම්බන්ධ වීම දියුණු කිරීමට ප්‍රමාණවත් නොවේ. කාන්තාවගේ හැකියාවන් පූර්ණ ලෙස යොදා නොගන්නා නිසා පුර්ණ සාර්ථකත්වයට රටේ ආර්ථිකය ගමන් නොකරන බව ඔවුන්ගේ අදහස යි.


ශ්‍රී ලංකාව බොහෝ අංශවලින් විශාල ප්‍රගතියක් අත් කර ගෙන ඇති නමුත් බහුතර කාන්තාවන්ගේ අත්දැකීම් ලබා නොගැනීම හේතුවෙන් රටෙහි අභිවෘද්ධිය හමුවේ බරපතල ප්‍රතිවිපාක අත්විඳිනු ඇති බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් ප්‍රකාශ කර ඇත.


ලෝකය සහ ලංකාව


දැනට ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජබව මත රැකියා ලබා දීම නිසා පුරුෂයන් සහ කාන්තාව අතර හටගන්නා පරතරය 26.7 ක්‌ වේ එය දකුණු ආසියාවේ 50.8 කි.

ලංකාව තුළ පෞද්ගලික අංශය තුළ පුරුෂයාට වඩා කාන්තාව සියයට 30-36 ක්‌ ප්‍රතිශතයක්‌ අඩුවෙන් ආදායම උපයයි. ලංකාවේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය යන සාධක මත කාන්තාවගේ සහභාගිත්වය තවමත් අල්ප මට්ටමක පවතී. 2016 වසර සලකා බැලුවොත් (බලන විට) වාර්තාගත ලෙස ලංකාවේ කාන්තා සේවා නියුක්තිය පහළ වැටෙන අතර එයට ප්‍රධාන හේතුවක් ලෙස පවසන්නේ කාන්තාවන් 48% පෙර සේවා නියුක්ත ව සිට විවාහය, දරුවන් බලාගැනීම යන කාරණා මත ඉවත් වීම යි. 2017 වසරේ කාන්තා සේවා වියුක්තිය 35.66 වන අතර 2018 වසරේ එය 35.58 ක්‌ වේ.2019 වසරේ එය 35.44 ක් ද 2020 වසරේ 35.29ක්‌ ද වේ. ලංකාවේ සේවා වියුක්තිය වැඩිපුර ම දැකගත හැකි වසර 1990 වන අතර එය 45.51 කි. අඩු ම අගය 2020 දි වාර්තාගත වේ. කාලානුරූපී ව බැලු කල අප රට සාධනීය ප්‍රතිඵල ලබා ඇත.


"කාන්තාවන්ට ශ්‍රී ලංකාවේ ශ්‍ර‍ම බලකායට එක්වීමට සහ එහි සාර්ථක වීමට ඇති නොයෙකුත් ගැටලුවලට විසඳුම් සෙවීමට ප්‍ර‍බල මැදිහත්වීමක් අවශ්‍ය වනු ඇතැයි"

ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ සමාජ සංවර්ධන විශේෂඥවරියක සහ වාර්තාවේ කතුවරියක වන ජෙනිෆර් සොලතරොෆ් පවසයි.


"ලංකාව තුළ කාන්තාවට හිතකර පරිසරයක් රැකියාව තුළ ගොඩනැගෙන තරමට මෙම පරතරය අඩු කරගත හැකි ය. කාන්තාවන් රැකියාවල නිරත වන විට, උසස් මට්ටමේ ළමා සුරැකුම් සේවාවන්, අර්ධකාලීන රැකියා අවස්ථා හා මාතෘ නිවාඩු සඳහා ප්‍රවේශයන් වර්ධනය කල යුතු ඇති අතර කාන්තාවන්ගේ ගමන්බිමන් සඳහා ආරක්ෂිත ප්‍රවාහන‍ සේවා හා දුරස්ථ ව සේවය කිරීම පිළිබඳ වන සමාජ-භෞතික බාධාවන්ට විසඳුම් ලබා දීම අත්‍යවශ්‍ය වනු ඇත. සේවා ස්ථානවල, කම්කරු නීති හමුවේ සම සැලකීම්, වෙන් කොට නොසැලකීම පිළිබද ප්‍ර‍තිපත්ති සහ ලිංගික හිංසනය ශුන්‍ය අවස්ථා ඇතුළු සම අයිතිවාසිකම් ආවරණය කළ යුතු වනු ඇත. සදාචාරාත්මක වෙළඳ සන්නාම වැඩසටහන් සහ කාන්තා කේන්ද්‍රීය පුහුණු වැඩසටහන් මගින් කාන්තාවන්ට පුද්ගලික අංශයේ රැකියා අවස්ථා සහ නැගී එන කර්මාන්තවල හිමිකම ඉහළ නැංවීමට උදව් විය හැකි ය."

-ලෝකබැංකු වෙබ් අඩවිය -


ලංකාවේ ආර්ථික වර්ධනය වඩාත් වේගවත් කිරීමට කාන්තා සහභාගිත්වය වැදගත් සාධකයකි. ඔවුන්ගේ භූමිකාව තුළ ඔවුන්ට නිදහසේ දියුණු වීමට අප ඉඩ හසර ලබා දිය යුතු ය.

662 views0 comments
Logo transparent.png

Team Up With Us!

© 2024 by Pioneers Youth. All Rights Reserved.

Info

+94 76 539 2784

info@pioneersyouth.org

Address

53A, Perera Mw.

Pelawatta, Battaramulla.

Follow

  • Instagram
  • Facebook
  • Twitter
  • LinkedIn
bottom of page