top of page

තාරුණ්‍යයට දවසක්

Updated: Dec 1, 2022

ඔබේ දිනය!

අද අගෝස්තු 12 වෙනිදා, හැම තරුණයෙක් වෙනුවෙන්ම වෙන් වුණු දවස. තරුණ ප්‍රශ්න ඉලක්ක කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, ජාත්‍යන්තර තුරුණු දිනය "අගෝස්තු 12" ලෙස නම් කරනවා.

2014 - "තරුණයන් සහ මානසික සෞඛ්‍ය"

2017 - "තරුණයන් සාමය පිහිටුවීම"

2019 - "අධ්‍යාපන ක්‍රමය වෙනස්කිරීම"


මේ ආදී වශයෙන් 2000 වසරේ සිට තරුණයන්ගේ දිනය විවිධ තේමා ඔස්සේ සමරනු ලබනවා. අපි හැමෝම ආදරය කරන කාලයක් ලෙස "තරුණකාලය" නම් කරන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ගේ ජීවිතය කියන පොතේ ලස්සනම පිටු කිහිපය තමයි තරුණ වයස. ඉතින් අද දවසේ හිතන්න, ඔබතුල ඇති ශක්තියට ඔබ සාධාරණයක් ඉටු කළා ද?

සමාජ ආර්ථිකමය වශයෙන්, දේශපාලනමය වශයෙන් මහත් වූ පෙරළියක් කළ හැකි ඔබ, තාමත් ඔබ තුල සිටින ඇත් රජු හඳුනා නොගෙන එකඑක්කෙනාගේ කතා මත, ඔබේ විශ්වාසයන් මත යදම් වලට නතු වෙලාද?

එන්න, ඔබේ විශ්වාස, අලසකම් කැටි වූ ඉබි කටුවෙන් එළිය බලන්න. ඔබ අවට ඇති "වෙනස" ඔබ එනකන් බලන් ඉන්නවා.

ඔබ තුල සිටින සිත්තරා, කථිකයා, සිනමාවේදියාට මේ තුල විප්ලවකරුවෙක් වෙන්න ඉඩ දෙන්න. ඔබ තුල සිටින දක්ෂ නීතිඥයාට රටේ නීතිය වඩාවැදගත් තැනකට ඔසවා තබන්නට ඉඩ දෙන්න. ඔබේ ආත්මය වූ ඒ දක්ෂ කථිකයාට රටේ ගැටලු කතාකරන්න, ඒවාට ලොකු බලපෑමක් ඇතිකරන්න ඉඩ දෙන්න.

මොකද,

ඔබ ඉපදුනේ වෙනසක් කරන්න.

ඒ වගේම ඉතිහාසයට සීමා නොවී අලුත් අනාගතයක් ලියන්න.

මේ ඔබේ දිනයයි; නව්‍ය වෙනසක පිඹුරුපත් තනන්නට...

ලක්නරා හේවාවෙදගේ.

දිනපොතේ ලස්සනම කොටසක් ලියමින්.

Comentários


Logo transparent.png

Team Up With Us!

© 2024 by Pioneers Youth. All Rights Reserved.

Info

+94 76 539 2784

info@pioneersyouth.org

Address

53A, Perera Mw.

Pelawatta, Battaramulla.

Follow

  • Instagram
  • Facebook
  • Twitter
  • LinkedIn
bottom of page