top of page

ශ්‍රී ලාංකීය උරුමයන් සහ තාරුණ්‍යය

Updated: Dec 1, 2022


"ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැඳුණු දේශය...
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී..."


පද්මකුමාර මෙත්තසේනයන්ගේ පද රචනයෙන් සහ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ තනුවෙන් හා ගායනයෙන් හැඩ වෙන ඉහත සඳහන් පද පේළි ඇසූ පමණින් ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුගේ හදවත් අභිමානයෙන් සලිත වන බව නොරහසකි. මෙම ගීතය තවදුරටත් රස විඳින රසිකයන්ට හමුවෙන තවත් රසවත් හා දේශානුරාගය මතු කරන සුළු පද පේළියක් නම් " විදෙස් දේශයන් අභියස - නිවට ජාතියක් විලසට ,දෙදණ බිම ඔබා මැතිඳුනි-හිඳිනු මම කෙසේ" යන්නයි. මෙවැනි ගීත ඇසූ පමණින් තම මාතෘ භූමිය කෙරෙහි ඇති ඇල්ම සහ ගෞරවය මාංශ පේශී පසාරු කරමින් ඇට මිදුළු දක්වා ගමන් කරනවා මෙන් හැඟීමක් ඇති වීම පුදුමයට කරුණක් නොවන අතර මෙවැනි ගීත කාණ්ඩයක් ඇසූ පමණින් උත්තේජනය වන කණ්ඩායමක් නම් ඔබත් මමත් ඇතුළු අප රටේ තරුණ පරම්පරාවයි.



තාරුණ්‍යය නියෝජනය කරන බොහෝ දෙනා තම මව්බිම කෙරෙහි දැඩි ඇල්මක් දක්වන බවත් රටේ සංස්කෘතික උරුමය රැක ගැනීමට වෙර දරන බවත් පළමුවෙන්ම සඳහන් කළ යුතුය. ජාතියක් වශයෙන් ගොඩනැගීමේදී එහි ප්‍රධාන කොටස්කරුවන් ලෙස මූලිකත්වය ගත යුත්තේ තරුණ පරම්පරාවයි, මන්ද ඔවුන් සතුව ඒ සඳහා අවශ්‍ය විභවය හෙවත් දැනුම සහ ශක්තිය නොඅඩුව පවතින බැවිනි. එමෙන්ම දත්ත වාර්තා වලට අනුව ශ්‍රී ලංකා ජනගහනයෙන් හතරෙන් එකක් රටේ තාරුණ්‍යය නියෝජනය කරන අතර එය රටේ සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකි. ඒ අනුව රටේ වැදගත් තීන්දු තීරණ ගැනීමේ සිට රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම දක්වා තරුණ තරුණියන්ට ප්‍රධාන ලෙස දායකත්වය සැපයීමේ හැකියාව ඇත. මේ විමසා බැලීම ශ්‍රී ලාංකීය සංස්කෘතිය මෙන්ම ස්වභාවික උරුමයන් රැක ගැනීම සහ රටේ උන්නතිය වෙනුවෙන් තරුණ පරම්පරාව දායකත්වය සැපයිය යුතු ආකාරය පිළිබඳවයි.


මිලියන 22 ක ජනගහනයකින් සමන්විත මේ කුඩා දිවයින තුල බොහොමයක් වටිනාකම් සැඟවී ගොස් ඇත. කෙසේ වෙතත්, වර්තමානයේ පවා රටක් ලෙස එය තම අසල්වැසියන් මෙන්ම ලෝක බලවතුන්ට පවා ඇති කරන බලපෑම සුළු පටු නොවේ. චීනය, ඉන්දියාව සහ ඇමරිකාව වැනි ලෝක බලවතුන්ගේ නෙත ගැටුන මෙම කුඩා රාජ්‍යයේ පිහිටීම පවා රටට ආභරණයක් ලෙස සැලකිය හැකිය. ඇල්ෆ්‍රඩ් මහන් වරක් ප්‍රකාශ කළ පරිදි, "ඉන්දියන් සාගරය පාලනය කරන තැනැත්තා ලෝකය පාලනය කරනු ඇත." ඉන්දියන් සාගරයේ බලය අත් පත් කර ගැනීමට නම් ශ්‍රී ලංකාවේ සහය අත්‍යවශ්‍ය බව ලෝක බලවතුන් හොඳාකාරයෙන්ම දනිති. මෙයින් පැහැදිලි වන කරුණක් නම් ශ්‍රී ලංකාවේ පිහිටීමේ පටන් එහි භූ දර්ශනය ඇතුළු භෞතික හා මානව සම්පත් දක්වා සියල්ලම අප උරුමයන් බවයි. එපමණක් නොව සියල්ලටම ප්‍ර්‍රථම මනුෂ්‍යත්වය රැක ගැනීමට වත්මන් තරුණ පරපුර අධිෂ්ඨාන කර ගත යුතුය.මන්ද මනුෂ්‍යත්වයට සම කළ හැකි උරුමයක් හෝ සම්පතක් නොමැති තරම්ය. විශේෂයෙන්ම මනුෂ්‍යත්වය යන සාධකය ශ්‍රී ලාංකීය අනන්‍යතාවය හා දැඩිව බැඳී පවතියි.










ආගන්තුක සත්කාරයට ලැදි රට, අනුන් වෙනුවෙන් හදවත් උණු වෙන පිරිසක් සිටිනා රට වැනි පැසසුම් ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් හිමි වන්නේ අතීතයෙන් අපට උරුම වූ සාරධර්ම නිසායි. බටහිර ජාතීන්ගේ ආගමනයට පෙර පවා ඉතාමත් දියුණු සමාජ රටාවක් අප පැරැන්නන් විසින් ගත කළ බවට පුරාවිද්‍යාත්මක මෙන්ම සාහිත්‍යයමය මූලාශ්‍ර පවතියි. වර්ෂ 50,000කට පවා ප්‍රථම උසස් බුද්ධියකින් හා දියුණු තාක්ෂණයකින් පරිපුන් මානවයන් ලංකාවේ වාසය කළ බවට තොරතුරු පාහියන්ගල ගල්ලෙන වැනි ස්ථාන වලින් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත්ව තිබේ. භූමි ප්‍රමාණයෙන් ඉතා කුඩා රටක් වුවද ශ්‍රී ලංකාව සතුව ප්‍රෞඩ ඉතිහාසයක් මෙන්ම අපටම ආවේණික වූ සංස්කෘතික වටිනාකම් රාශියක් පැවතිය බවට සාක්ෂි අපමණය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ පැවැති වාරි තාක්ෂණය, කෘෂි තාක්ෂණය, ආහාර රටාව සහ කෙම් ක්‍රම ආදිය විස්මය දනවන සුළුය. සීගිරිය ,ඓතිහාසික පොලොන්නරුව නගරය, පැරැණි ගාලු නගරය, රන්ගිරි දඹුල්ල, අනුරාධපුර පූජා නගරය සහ ම ර රටාව සහ කෙම් ක්‍රම ආදිය විස්මය දනවන සුළුය.




සීගිරිය නගරය, පැරැණි ගාලු නගරය, රන්ගිරි දඹුල්ල, අනුරාධපුර පූජා නගරය සහ මහනුවර පුරවරය සංස්කෘතික ලෝක උරුමයන් වශයෙන්ද සිංහරාජ රක්ෂිතය සහ මධ්‍යම කඳුකරය ස්වාභාවික උරුමයන් වශයෙන්ද UNESCO සංවිධානය දැනටමත් ලෝක උරුම ලැයිස්තුවට එකතු කොට හමාරය. මෙම උරුමයන් පමණක් නොව රට වටා පිහිටි සාගරය, වනාන්තර සහ ශ්‍රී ලංකාවට ආවේණික ජෛව විවිධත්වය ඇතුළු සියලුම ශාක හා සත්ත්ව විශේෂ සම්පත් ලෙස සැලකිය හැකිය.




එපමණක් නොව මිනිසා විසින් ගොඩ නගා ගත් සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, පුරුදු ආදිය ද සංස්කෘතික උරුමයන් ලෙස සැලකිය හැකිය.කෙතරම් උරුමයන් අප සතුව

පැවැතියද, යම් යම් හේතු කාරණා නිසා එම උරුමයන් අපට අහිමි වී යන බව කණගාටුවෙන් වුවද සඳහන් කල යුතුය.ඇතැම් අවස්ථාවන් වලදී අප ක්‍රියාකාරකම්,තීන්දු තීරණ නිසාම ඉහත සඳහන් උරුමයන්ට හානි සිදු වේ. මෙයට කදිම නිදසුනක් නම් UNESCO ලෝක උරුමයන් ලෙස නම් කළ ස්ථාන වල පවා අවිධ්මත් ලෙස කැළි කසල බැහැර කිරීමයි. එමෙන්ම රටේ සංස්කෘතික වටිනාකම් දෙවෙනි කොට සලකන හෝ ඒවා අවතක්සේරුවට ලක් කරන පුද්ගලයන් ද නැතුවාම නොවේ.



පෙර සඳහන් කළ පරිදි ජාතියක් ලෙස වැජඹීමට නම් ඒ සඳහා පෙර ගමන් යා යුතු වන්නේ රටේ තාරුණ්‍යය වන ඔබත් මමත්ය. සියල්ලටම ප්‍රථම අප කළ යුතු දෙය නම් ශ්‍රී ලංකාව අනෙකුත් ජාතීන් හෝ රාජ්‍යයන් සමඟ සංසන්දනය කිරීම නැවැත්වීමයි. එයට හේතුව නම් වෙනත් කිසිම ජාතියක් හිමිකම් නොකියන සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් හා සම්පත් අප සතු වීමයි.මීට අමතරව අප සිහියේ තබා ගත යුතු කරුණක් නම් රට තුල කෙතරම් වර්ග, ආගම් හා භාෂා වශයෙන් වෙන් වීමට උත්සාහ දැරුවත් සියල්ල අවසානයේ අප ලෝකයට පියවර තබන්නේ ශ්‍රී ලාංකිකයෙකු වශයෙනි. ඉන් ඉස්මතු කෙරෙන දෙය නම් සියලු භේදයන්ට පෙර රට පෙරට පැමිණිය යුතු බවයි. එසේම ඉදිරියේ පැමිණෙන අභියෝග වලට රටක් වශයෙන් මුහුණ දීමට නම් අප

දැනුමෙන්,හැකියාවෙන්,තාක්ෂණයෙන් සහ ආකල්පමය වශයෙන් සන්නද්ධ විය යුතුය. අපේ උරුමයන් ආරක්ෂා කිරීම අප සතු වගකීමකි. වෙනත්

පාර්ශවකරුවන් රට තුල යහපත් වෙනස්කම් ඇති කරන තෙක් බලා සිටීම කාලය කා දැමීමක් සහ තරුණ තරුණියන් ලෙස අප සතු ශක්තීන් අපතේ හැරීමකි. මොහොතක් සිතන්න! සියල්ල වෙනස් කිරීමේ යතුර අප සතුය.





43 views0 comments

Recent Posts

See All
bottom of page